27 Aug
27Aug

බැඳුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ සමාගමක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් සන්තෝෂම් ලබාගැනීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ කරුණු අනුව විදේශකටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ හිටපු මුදල් ඇමති රවී කරුණානායකට කැබිනට් මණ්ඩලයට පිටින් කැබිනට් බලතල සහිත ඇමති ධුරයක් හා සමාන තනතුරක් ලබා දී ඇති බවත් ඔහු රාජ්‍ය ලාංඡන සහිත ලිපි ශීර්ස යොදාගෙන ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට උදෙස් ලබාදීමේ බලය අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දී ඇති බව හෙළි වේ.

අරලියගහ මන්දිරයේ අංක 105 දරන කාමරයේ රවී කරුණානායකට අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපා ඇති බවද අනාවරනය වේ.

ඔහු මේ කටයුත්තට යොදාගෙන තිබෙන්නේ ‘ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන – 2017’ නමැති ව්‍යාපෘතියයි.

දැනට සාමාන්‍ය මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය නිල ලාංඡනය සහිත ලිපි ශීර්ෂ යොදා ගෙන එක්සත් ජාතික පක්ෂයේ සියලුම කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ටත් 2017 අගෝස්තු 22 දාතමින් යුතුව යොමු කර ඇති ලිපියකින් මෙකි කාරණා අනාවරණය වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක  නීති විරෝධී ලෙස රාජ්‍ය ලාංඡනය තම ලිපි ශීර්ෂවල භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් රජයේ මුදල් වැය කරන දේශපාලන ව්‍යාපෘතියක නිරත වී සිටින බව මේ අනුව අනාවරණයවේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත උක්ත ව්‍යාපෘතිය සඳහා මැතිවරණ කොට්ඨාසයකට රුපියල් කෝටි 02 බැගින් ප්‍රතිපාදන දීමට අදාළ ෆෝරමයක්ද එම ලිපය සමග යොමු කර ඇති අතර එය පුරවා එවන ලෙසද දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර විමසීමට දුරකථන අංක 02ක්ද ඔහු යැවූ ලිපියේ සඳහන් කර ඇති අතර ඊට ඇමැතීමේදී ඒවා රවි කරුණානායකට අරලියගහ මන්දිරයෙන් වෙන්කොට ඇති අංක 105 දරන කාර්යාලයෙන් බවද හෙළිවී තිබේ.

රවි කරුණානායක  එම ලිපිය යොමු කොට තිබෙන්නේ අගමැති, එජාප මහ ලේකම්, සභාපති ඇතුළු එජාපයේ ඇමැතිවරුන් 10 දෙනකුට පිටපත් යොමු කරමිනි.

එමෙන්ම අදාළ ව්‍යාපෘතිය පිළිබඳ අඩි 4×3 ප්‍රමාණයේ නාම පුවරුවක් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ස්ථානයේ සවි කරන ලෙසද ඒ සඳහා රුපියල් 6,000කට නොවැඩි මුදලක් ව්‍යාපෘති ඇස්තමේන්තුවට ඇතුළත් කරන ලෙසද කරුණානායක මහතා එම ලිපියෙන් උපදෙස් දී ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING