15 Sep
15Sep

ඩිලාන් පෙරේරා ගලේවෙල කැප්පෙටියාපොල පදිංචි  නීති විරෝධී ලෙස අහිංසක කාන්තාවන් විදේශගතකර වංචනික ලෙස මුදල් උපයන ජුනයිදීන් ඉර්ෆාන් නැමති අයගෙන් මාසිකව රුපියල් ලක්ෂ 25ක් අල්ලස්ලෙස ලබාගෙන ඇති බව 2015.03.19 වනදින ACC/FC/2015/122 අංක දරණ පැමිණිල්ල විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත. ගලේවෙල පදිංචි මෙම ජුනයිදීන් ඉර්ෆාන් නැමති අය නීතිවිරෝධී ලෙස විදේශගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර, උප්පැන්න සහතික මෙන්ම තානාපති කාර්යාලවල නිල මුද්‍රාද සකස් කරමින් මුදල් උපයන අතර එම මුදල්වලින් මාසිකව හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට අල්ලස් මුදල් ලෙස ලක්ෂ 25 බැගින් සපයා ඇත.

මෙම ජුනයිදීන් ඉර්ෆාන් නීති විරෝධී අයතා ක්‍රම මගින් උපයාගන්නා මුදල් යොදවා අතිමහත් දේපල හා වත්කම් ප්‍රමාණයක් රැස්කරගෙන ඇති බවද තහවුරු වේ. ඒ අතර,

කෝටි එකහමාරක් වටිනා ගලේවෙල කොස්පොත අක්කර 13ක ඉඩම,

කෝටි දෙකක් වටිනා වාගොල්ලයාය මස්කඩේවත්ත අක්කර 17.5ක පොල් ඉඩම,

රුපියල් ලක්ෂ 50ක් වටිනා වාගොල්ල යාය මීසාන් වත්ත අක්කර දෙකක ඉඩම,

රුපියල් ලක්ෂ 10ක් වටිනා වාගොල්ල යාය රන්වැඩියාව අක්කර දෙකක ඉඩම,

රුපිය්ල ලක්ෂ 75ක් වටිනා ගලේවෙල අක්කර 1.5ක වෙන්දේසි ඉඩම,

රුපියල් කෝටි 03ක් වටිනා ගලේවෙල පොලීසිය අසල තෙමහල් ගොඩනැගිල්ල,

රුපියල් කෝටි දෙකක් වටිනා කුරණෑගල ඉඩම සහ නිවස යනාදිය වේ. මෙම සියළු දේපල ඉහත සඳහන් කරන ලද නීතිවිරෝධී විදෙස් ගමන් බලපත්‍ර හා ව්‍යාජ ලිපිලේඛණ සකස් කිරීම හරහා උපයාගත් ධනයෙන් මොහු විසින් අත්පත් කරගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍යකරන රැකවරණය ලබාදි ඇත්තේ හිටපු විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසිනි.

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව ඇති බොහෝ වංචා දුෂණ පිලිබද පරීක්ෂණ යටගසා ඇති ආකාරයටම මේ සම්බන්ධයෙන් වන විමර්ශනද කටයුතු යහපාලන ආණ්ඩුවේ ඉහළම නායකයෙකුගේ මැදිහත්වීම මත මේ වනවිට අතරමග නවතා දමා ඇති බව වාර්තා වේ.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING