30 Aug
30Aug

පසුගිය කාළයේ මහත් ආන්දෝළනයක් ඇති කල යාපනයේ  දූෂණය කොට මරා දැමීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් හෙවත් මහාලිංගම් ශෂිකුමාර් ඊයේ (30) යාපනය මහාධිකරණයේදී සාක්ෂී දෙනු ලැබූවා.

එහිදි ඔහු සිදුකළ ප්‍රකාශයක් මහත් සේ කතාබහට ලක්ව ඇති අතර අධිකරණය හමුවේ ස්විස් කුමාර් පවසා ඇත්තේ නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් තමන් ආරක්ෂා කළ බවයි.

එම අවස්ථාවේදී ස්විස් කුමාර ප්‍රකාශ ඇත්තේ මෙලෙසිනි,

” වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක ගැට ගසා මිනිස්සු මට පහරදුන්නා… ඒ අවස්ථාවේ විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා.” යනුවෙනි.

නඩු විභාගයට අදාළව තවදුරටත් සාක්ෂි ලබා දෙමින් ස්විස් කුමාර් වැඩි දුරටත් කියා තිබෙන්නේ

“කයිට්ස් පොලිසිය මගේ මල්ලිව අත්අඩංගුවට ගෙන යාපනයට අරගෙන ගියා…මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු මාව අල්ලගෙන මාව ලයිට් කණුවක ගැට ගැහුවා. ඊට පස්සේ පහර දුන්නා… ඒ වෙලාවේ විජයකලා මැඩම් එතනට ආවා. ඇවිල්ලා ඔයා ශෂීගේ අයියාද කියලා ඇහුවා. එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා. එහෙම කියලා විජයකලා මැඩම් පැය දෙකක් විතර එතන හිටියා. පස්සේ මගේ ‍නෝනයි, මගේ අම්මයි එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.” ලෙසයි

කයිට්ස් අධිකරණය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබු‍වේ විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය, විජයකලා මහේශ්වරන් සහයෝගය පළකොට ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

කෙසේ වෙතත් මෙම අපරාධය මෙහෙයවන මහාධිකරණ විනිසුරු නික්කවාසගර් ඉලංචේලියන් මහතා එල්ල කරමින් වෙඩි ප්‍රහාරයක්ද එල්ල වූ අතර ඉන් ඔහුගේ ආරක්ෂක පොලිස් නිළධාරියාද මිය ගියා.

සිදුවීමේදි ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් ට පලා යාමට ඉඩ දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහද අත්අඩංගුවට ගෙන ඇති අතර 2015 මැයි මස 13 වැනි දින පාසල් ඇඳුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබුණා.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING