27 Jul
27Jul

මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගන්නැයි අධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වේ. කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය ලබා දී ඇත. විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මහලිංගම් ශෂි කුමාර් නොහොත් ස්විස් කුමාර් නැමැත්තා ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැද සිටියදී ඔහු පොලීසියට බාර නොදී රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මිය විසින් මුදාහැරීම සම්බන්ධයෙන් අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING