15 Sep
15Sep

හිඟුරක්‌ගොඩ රජයේ රෝහලට ඊයේ (14 දා) අලුයම 3.30 ට පමණ රැගෙන ආ හෘද රෝගියකු එම අවස්‌ථාවේ රෝහලේ විදුලිය විසන්ධි වී තිබූ නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නොහැකිවීමෙන් වෛද්‍ය උපදෙස්‌ මත පොළොන්නරුව මහ රෝහලට රැගෙන යැමේදී මියගොස්‌ ඇත. ත්‍රිරෝaද රථයකින් රැගෙන ආ එම රෝගියා පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගොස්‌ ඇති අතර රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස්‌ ඇත.

මෙම රෝහල සතුව විදුලිය ජනක යන්ත්‍රයක්‌ද තිබෙන නමුත් එයද ක්‍රියාවිරහිත වීමෙන් අලුත්වැඩියාවට යොදවා තිබූ බව දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

මෙසේ මියගොස්‌ ඇත්තේ හිඟුරක්‌ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‌ෂක එම්. ජී. සුනිල් කරුණාරත්න (56) මහතායි.

හිඟුරක්‌ගොඩ, කුමාරගම පදිංචි එක්‌ දරු පියකු වන ඒ මහතා හෘදයාබාධය වැළඳී ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙනවිත් ඇත්තේ හිඟුරක්‌ගොඩ රෝහලේ සිට කිලෝමීටර් 03 ක්‌ පමණ දුරින් පිහිටි ඔහුගේ නිල නිවසේ සිටය.

එම අවස්‌ථාවේ රෝගියා හිඟුරක්‌ගොඩ රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර ලබාදීමට විදුලිය නොමැති හෙයින් පොළොන්නරුව මහ රෝහලට රැගෙන යන ලෙස වෛද්‍යවරයා උපදෙස්‌ දුන් නිසා කිලෝමීටර් 18 ක්‌ පමණ දුර ගෙවා පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ආ බවත් රෝහලට ඇතුළු කිරීමට පෙර ඔහු මියගොස්‌ ඇති බව පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් දැනගැනීමට ලැබුණු බවත් රෝගියාගේ භාරකරුවෝ කීහ.

හිඟුරක්‌ගොඩ රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් විමලරත්න මහතා ප්‍රකාශ කළේ එම රෝගියා රැගෙන එන අවස්‌ථාවේදී රෝහලේ විදුලිය විසන්ධි වී තිබූ බවත් විදුලි බල මණ්‌ඩල සේවක වැඩ වර්ජනය නිසා එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වූ බවත්ය. රෝගියා හිඟුරක්‌ගොඩ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ආ අවස්‌ථාවේ රාජකාරි කරමින් සිටි වෛද්‍යවරයා රෝගියාව පොළොන්නරුව මහ රෝහලට රැගෙන යන ලෙස භාරකරුවන්ට උපදෙස්‌ දී ඇත්තේ ඊ. සී. ජී. වාර්තා ආදිය ලබා ගැනීමට විදුලිය පහසුකම් නොමැති නිසා බවද හෙතෙම කීය.




Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING