25 Aug
25Aug

පසුගිදා මැලේසියාවේදි වීසා බලපත්‍ර නොමැතිව අත්අඩංගුවට පත් වී ඇත්තේ හිටපු විදේශ ඇමති මංගල සමරවීරගේ පුද්ගලික ලේකම් තුසිත හල්ඔලොව බව අනාවරණය වී ඇත.ව්‍යාජ තුවන් බලපත්‍රයක් මගින් මෙසේ මෙරටින් පිටත් වී ඇති ලේකම්වරයා මැලේසියානු රාජ්‍යයට ඇතුලු වීමට ලබාගත යුතු සංචාරක වීසා අනමැතිය නොැමැතිව මෙරට ගුවන්තොටුපලින් ඇතුලු වී මැලේසියානු රටේදි අත්අඩංගුවට පත් වී ඇත. දින තුනක් එරට බන්ධනාගාරගත වී සිටි මෙම ලේකම්වරයා  මුදා ගැනිම සදහා මැලේසියානු ශ්‍රි ලංකා තානාධිපති මොහොමඩ් මුසම්මීල් මහතා මැදිහත් වී  නිදහස් කර නැවත මෙරරට ගෙන්නාවා ඇත.

කිසියම් පුද්ගලයෙකු මැලේසියාවට ඇතුලු වීම සදහා මෙරටින් සංචාරක වීසා අනමැතියක් ලබා ගත යුතු අතර මෙම ලේකම්වරයා එම අවසරයද නොලබා ව්‍යාජ ගුවන් බලපතුයකින් අවසර සංචාරක වීසා නොමැතිව මෙරට ගුවන්තොටුපලින් අතුලු වුයේ කෙසේ දැයි මේ වන විට ගැටලු සහගත තත්වයක් මතු වී ඇත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING