15 Jul
15Jul

කොටි ඩයස්‌පෝරාව මෙහෙය වන රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවේ කාර්යාලය කොළඹ වැල්ලවත්තේ සිට ක්‍රියාත්මක වන බව හෙළි වී ඇත.

රජයට එරෙහි විරෝධතා පෙළපාලි, උතුරේ ආරක්‍ෂක හමුදා ක්‍රියා මාර්ග හා ජනතා විරෝධතා මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් එල්ල කරන චෝදනා පිළිබඳ තොරතුරු මෙම කාර්යාලය මගින් ලන්ඩන් නුවරට යවන බව අනාවරණය වේ.

මෙම තොරතුරු සොයා ගැනීම සඳහා කොටි ඩයස්‌පෝරා රූපවාහිනී සේවාව සිංහල ජාතිකයන් කීපදෙනෙකු සේවයට බඳවාගෙන ඇත. ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ කොටි ඩයස්‌පෝරා රූපවාහිනි සේවාවේ මෙරට කටයුතු කරන පිරිස්‌ ගැන තොරතුරු හෙළි වී ඇති බවයි.

මෙම කොටි ඩයස්‌පෝරා රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර රැසක්‌ දියත් කර ඇත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING