25 Jul
25Jul

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම්ට රහස්‌ පොලිස්‌ මූලස්‌ථානයට පැමිණ කටඋත්තරයක්‌ දෙන ලෙස කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මැයි මාසයේදී මුල්ලිවයික්‌කාල් සමරුව ගැන කළ ප්‍රකාශයක්‌ පිළිබඳව කටඋත්තරයක්‌ දෙන ලෙස රහස්‌ පොලිසිය ඔහුට දන්වා තිබිණි. එහෙත් වැල්වැටිතුරේ සිට කොළඹට පැමිණීමට පැය අටක්‌ ගතවන නිසා තමාට එපමණ දුරක්‌ පැමිණිය නොහැකි බව ඔහු රහස්‌ පොලිස්‌ නිලධාරීන්ට දන්වා ඇත.

තමාගෙන් කටඋත්තරයක්‌ ගැනීමට අවශ්‍ය නම් වැල්වැටිතුරේට පැමිණෙන ලෙස ද සිවාජිලිංගම් රහස්‌ පොලිසියට දැනුම් දී තිබේ.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING