21 Jul
21Jul

ඊයේ සීනි කන්ටේනරයක් තුළ තිබී රත්මලානේදී අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 218 ග්‍රෑම් 600ක් බව පොලිසිය නිවේදනය කරයි.

ඒවා කන්ටේනරයේ තුළ ගමන් මළු 10ක බහා තිබූ අතර එක් ගමන් මල්ලක කොකේන් අඩංගු පාර්සල් 16ක් ද අනෙක් ගමන් මළු නවය තුළ පාර්සල් 20 බැගින් කොකේන් අසුරා තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.

ගමන් මළු තුළ තිබී කොකේන් අඩංගු පාර්සල් 196ක් සොයා ගෙන තිබූ අතර තවත් පාර්සල් 2ක් ආර්ථික මධ්‍යස්ථානය තුළ සේවය කළ සේවකයන් දෙදෙනෙකු තුළ තිබී සොයා ගෙන තිබේ.

එම සේවකයන් දෙදෙනාද කන්ටේනර් රථයේ රියදුරු ද ඇතුළුව සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ගණනය කිරීම් අනුව අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 3200කට ආසන්න බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING