22 Jul
22Jul

11 වසරේදි පවත්වන සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේ දී  පවත්වා සහ 13 වසරේදි පවත්වන උසස්‌ පෙළ විභාගය 12 වසරේ දී පැවැත්වීමට යොජනා ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස්‌ කරන ලද යෝජනාවලියට ඉදිරිපත් වී තිබේ.ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

එමෙන්ම පාසල් යාමට පෙර සියලු දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ යටතේ වසරක කාලයක් අධ්‍යාපනය ලබාදීමටද එමගින් යෝජනාවී තිබේ.

මෙම යෝජනා ජනපති, අගමැති හා අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීමකින් පසු සාකච්ඡාවට ලක් කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING