18 Jul
18Jul

පසුගිය කාලයේ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වීම සඳහා ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සිරියාවට ගොස්‌ ඇති අතර ඔවුන් අබුදුජාන් තජුඩීන්, නිලාම්, ඉෂාන්, නිලාම්, නස්‌තීර් තජුඩීන්, රෝස්‌ සහ අමීන් නමැත්තන් බවද මෙහිදී හෙළිවී ඇත.

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු සමග සෘජු සබඳතා පවත්වන පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකදී මේ බව හෙළිවී ඇත.

ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකිකයා ඒ ලෙස හඳුන්වමින් ඔවුන් මෙම විමර්ශනය කරගෙන ගොස්‌ තිබේ.

මෙම හය දෙනා සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැත්තෑ දෙනකු පමණද සිරියාවට ගොස්‌ තිබෙන බව හෙළිවී තිබේ.

එසේ සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වී සිටින හය දෙනා අතරින් අබුදුජාන් තජුඩීන් සහ නිලාම් යන දෙදෙනා ප්‍රහාරවලට ගොදුරු වීමෙන් මේ වන විට මියගොස්‌ ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING