02 Aug
02Aug

ශ්‍රී ලංකා හමුදාවට භාර නොවූ හිටපු කොටි 260 කට අධික පිරිසක්‌ උතුරේ සිටින බව ආරක්‍ෂක අංශ මගින් අනාවරණය කරගෙන ඇත.

උතුරේ සිදුවන අපරාධ සහ වෙනත් ජාවාරම් රැසක්‌ පසුපස මේ හිටපු කොටි ක්‍රියාකාරීන් සිටින බවද උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලකයකුගේ උපදේශක ලෙස ක්‍රියාකරන්නේත් කොටි සමඟ දැඩි සබඳතා පැවැත්වූවකු බවද වන්නි මෙහෙයුමට පෙර මොහු රටින් පැනගොස්‌ දැන් යළිත් උතුරට පැමිණ සිටින බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පවසයි.

ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් විසින් රජය ලවා වැදගත් මර්මස්‌ථානවලින් හමුදාව ඉවත් කිරීම නිසා මේ හිටපු කොටි ක්‍රියාකාරීන්ට අපරාධකාරී කටයුතු සිදු කිරීමට ඉඩ ලැබී ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING