01 Aug
01Aug

උතුරු පළාතේ භීෂණයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කරන හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හත්දෙනකු පේදුරුතුඩුව පොලිසිය මගින් පෙරේදා (30 වැනිදා) ආයුධත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරුවන් අතර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකු ද සිටින බවත් සැකකරුවන් පුනරුත්ථාපනය ලැබූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඉකුත් ජුලි මස 09 වැනිදා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ පොලිසියේ වෙඩි තැබීමකින් දෙමළ තරුණයකු මියගොස්‌ තිබිණි.

එම සිද්ධියෙන් පසු කෝපයට පත්වූ පේදුරුතුඩුව සහ නෙල්ලිඅඩිය ප්‍රදේශවල සංවිධානාත්මක පිරිසක්‌ පොලිස්‌ මුරපළකට පහර දී ගිනි තබා විනාශ කරන ලදී. පසුව මෙම වැලි ජාවාරම්කරුවන් ඇල්ලීමට ගිය පොලිස්‌ කණ්‌ඩායමේ ප්‍රධානියා වූ පොලිස්‌ නිලධාරියාට අයත් නෙල්ලිඅඩි ප්‍රදේශයේ නිවසට ද ප්‍රහාරයක්‌ එල්ල කර තිබිණි.

මේ අතර පේදුරුතුඩුව ප්‍රදේශයේ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පාලනයට ගිය පොලිස්‌ කණ්‌ඩායම රැගත් කැබ්රථයට සහ එහි සිටි පොලිස්‌ නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කරන ලදී.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING