30 Aug
30Aug

යුද අපරාධ සිදු කර ඇතැයි චෝදනා කරමින් ලතින් ඇමරිකානු කලාපයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව මානව හිමිකම් සංවිධානයක් විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරනු ලැබ තිබේ.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු කළ තානාපති ජගත් ජයසූරිය එරටින් පළා ගොස් ඇති බවට අදාළ චෝදනා ගොනු කළ ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.

මේ අතර තානාපතිවරයා පළා ගොස් ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ ඔහු සිය සේවා කාලය නිමා කර ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවය.

2009 එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති සටනේ අවසන් අදියරේ දී ජනරාල් ජගත් ජයසූරිය වන්නි ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

යුද්ධය අවසානයේ සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරණයට පත් වූ අතර යුද අපරාධ සිදු කළ බවට ශ්‍රී ලංකා රජයේ හමුදාවට  චෝදනා එල්ල වී තිබේ.මේ අතර ජගත් ජයසූරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා නම්

රෝහල්වලට පහර දීම, සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරා දැමීම, පැහැර ගෙන යාම සහ වධ බන්ධනයට ලක් කිරීමේ චෝදනා එල්ල වී තිබෙන උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ යෙදී සිටි හමුදා භට පිරිස්වල ප්‍රධානියා වශයෙන් ජගත් ජයසූරිය කටයුතු කළ බවටය.

"රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි" යැයි පවසමින් මානව හිමිකම් කවුන්සල් තානාපතිවරයා බ්‍රසීලයෙන් පිටුවහල් කර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය ඉල්ලා සිටී.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING