08 Jul
08Jul

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක  වටිනා යන්ත්‍ර  සුත්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් වෙනුවෙන් කිහිප දෙනෙකුට ලබන 13 වැනි දා  බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුක් කර තබේ.

එළෙස නොතීසි නිකුත් ක ඇත්තේ,ක හිටපු හමුදාපති ජනරාල් දයා රත්නාය, මේජර් ජනරාල්  මහින්ද හතුරුසිංහ (විශ‍්‍රාමික) , මේජර් ජනරාල් උදය  ඇනස්ලි පෙරේරා (විශ‍්‍රාමික) , ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි  යන අයටයි.

යුද්ධය නිමවීමෙන් පසු 2012- 2013 වසර තුළ මෙම කර්මාන්ත ශාලාව අවට  ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති  සමාගමට  නොදන්වා  යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා  අබලි යකඩ වෙනුවට මෙම වටිනා  ටොන් 600 ක යකඩ හා යන්ත‍්‍ර සුත‍්‍ර කපා ඉවත් කර ඇති බවත් මෙම කි‍්‍රයාවෙන් සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභය සිදුව ඇති බවටත්  දුෂණ විරෝධී පෙරමුණ කළ පැමිණිල්ලක් අනුව   බරපතල වංචා දුෂණ පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING