02 Jul
02Jul

රුපියල් තිස්අට ලක්ෂ අනූහතර දහස් හයසීයක් (38,94,600 හොර නොට්ටු රුපියල් තිස්අට ලක්ෂ අනූහතර දහස් හයසීයක් (38,94,600) වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු  තිස්මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ රුපියල් තිස්අට ලක්ෂ අනූහතර දහස් හයසීයක් (38,94,600) වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

රුපියල් 5000 නෝට්ටු 174ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 8,70,000කි.

රුපියල් 2000 නෝට්ටු 46ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම 92,000කි.

රුපියල් 1000 නෝට්ටු 2272ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 22,72,000කි.

රුපියල් 500 නෝට්ටු 1320ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම 6,60,000කි.

රුපියල් 100 නෝට්ටු 06ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම 600කි.

දිවයිනේ ඕනෑම තැනක ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0112326670 යන දුරකතන අංකය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය තොරතුරු මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING