27 Jun
27Jun

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස්ථාන ගනනාවකට මැදිව  පිහිටා ඇති මී ඔය නදියේ වැලි ජාවාරම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බව ජනතාව චෝදනා නගති.

නවගත්තේගම පොලිස් වසමේ සිට ආණමඩුව, කරුවලගස්වැව, වනාතවිල්ලුව,  පුත්තලම පොලිස් කොට්ඨාස දක්වා මී ඔය ගලා යන අතර වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් වසම හා පුත්තලම අතර මනතිව් ආසන්නයේදි පුත්තලම කලපුවට මීඔය වැටිම සිදුවෙයි.

අතිතයේ සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් පෑ මී ඔය අද වන විට වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවි විනාශ වි තිබේ.

මී ඔය තුළ වැලි කැණිම් සදහා අවසර ඇති බලපත්‍ර ලාභින් ගණන 26 දෙනෙකු වුවත් නවගත්තේගම සිට පුත්තලම දක්වා 500 වැඩි ස්ථාන වල නිති විරෝධි ආකාරයට මී ඔය පරිසර තුළ පරිසර පද්ධතිය වනසා දමමින් සිදු කර ඇති හානියට නීතිය ක්‍රියාත්මක කරන අංශ වගකිව යුතු බව ජනතාව චෝදනා කරයි.

එසේම මී ඔයේ නිති විරෝධි වැලි හැරිම නිසා ඔය තුළ තිබු කුඹුක් ගස් දහස් ගනනක් ඉදිරි වැටිමේන් පසුව  දැව ජාවාරම් කරුවන් විසින් විසින් එම ගස් කපා ගැනිමේ ජාවාරමද ක්‍රියාත්මක වන බවද කියති.

මේ වන විට මී ඔය තුළ සිදුවන වැලි ජාවාරම නිසා අඩි 300 ආසන්න ප්‍රමාණයක් ඉවුරු ඛාදනය සිදුව ඇති ආකාරය ද දැක ගත හැකිය.

ඉදිරියේදි වර්ෂාව  ලැබුන හොත් මී ඔයේ වැලි කැණිමට නොහැකි විම නිසා වැලි ජාවාරම් කරුවන් කලින්ම සුදානම් ව සිටින ආකාරය දැක ගත හැක්කේ සාක්කිද සමගය .මේ  වන විට ආණමඩුව පොලිස් වසමට අයත් මී ඔයට ආසන්න ප්‍රදේශ ගණනාවක නිවෙස් ඉදිරි පිට ඉඩම්වල  වැලි කියුබ් 500  කට ආසන්න ප්‍රමාණයක් ද  එසේම පුත්තලම පොලිස් වසමට අයත් මී ඔය ආසන්නයේ වැලි කියුබ් සිය ගණනක්ද කරුවලගස්වැව පොලිස් වසමට ආසන්නයේ ගොඩ දමන වැලි කියුබ් විශාල ප්‍රමාණයක්ද  ගොඩ ගසා ඇති බව කල සංචාරයේදී දැක ගත හැකි විණි.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING