17 Sep
17Sep

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා‘ නමින් පොතක් ලියා ඇතැයි කියන අතර එම පොත

පොතේ නම සොරකම් කර ඇති පොතක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

අපට ප්‍රථමයෙන්ම හමුවූයේ මෙම පොතේ නම වන “ජනාධිපති තාත්තා“ යන්න පවා ඇය විසින් සොරකම් කරගෙන ඇති බවයි. ‘ජනාධිපති තාත්තා‘ යනු 2001 දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ප්‍රසිද්ධ නාට්‍යයක නමයි. ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් නිෂ්පාදනය කළ එම නාටකයේ නම චතුරිකා විසින් සොරකම් කර ඇතැයි අප ස්ථිරවම පවසන්නේ ඇය තම පොතට එම සම්මානනීය නම යොදා ගැනීමට පෙර ඉන්දික ෆර්ඩිනැන්ඩු ආචාර්ය තුමන්ගෙන් නිකමට හෝ අසා අවසර ලබා ගැනීමක් හෝ දැනුම් දීමක් හෝ කර නැති නිසාය. එවැනි සදාචාරයක් රැකිය යුතුව තිබිණි. චතුරිකා කරන ලද සොරකම නිසා ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ රාජ්‍ය සම්මානලාභී නාට්‍යයේ පෙළ පොතක් ලෙස ප්‍රකාශනයට පත් කිරීමට දැන් ඉඩක් නැත.

මෙම පොතේ මුල් කොටස්  ලියා ඇත්තේ ටෙලිකොම් සමාගමේ වෙළඳ අංශයේ ප්‍රධානියෙකි. ඉන්පසු ඔහු එය අත් හැර දමා ඇති අතර ඉතිරි කොටස් ලිවීම සඳහා වෙළඳ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ අයෙකු දායක කරගෙන තිබේ. ඔහු ද කොටස් කිහිපයක් ලිවීමෙන් පසු අත්හැර දමා ගොස් ඇති අතර ඉන්පසුව තුන් වැන්නෙකු විසින් පොත අවසන් කර තිබේ.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING